by Staff writer 25-06-2021 | 8:01 PM
COLOMBO (NEWS1ST) : කෑගල්ල, බොලගොඩ ප්‍රදේශයේදී සිය පියා සමග මා ඔයේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනෙකු අතරින් එක් දරුවෙකු මිය ගොස් තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, අතුරුදන් දරුවෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
අද (25) දහවල් 1.30 ට පමණ සිය පියා සමග දිය නෑමට ඔයට බැස ඇති දරු දෙදෙනා ටික වේලාවකට පසු දියේ ගසා ගෙන ගොස් ඇත.
ප්‍රදේශවාසීන් එක්ව පිරිමි දරුවා සොයා ගෙන ඇති අතර 5 හැවිරිදි දැරිය තවමත් අතුරුදන් ය.
අතුරුදන් දැරිය සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.