මරණ දඬුවම ලිහිල් කිරීමට 260 නම් ලැයිස්තුවක් ජනපතිට

මරණ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරීමට, සිරකරුවන් 260 කගේ නම් ලැයිස්තුවක් ජනපතිට

by Staff writer 25-06-2021 | 3:44 PM

COLOMBO (NEWS1ST) : මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් 260 දෙනෙකුගේ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් කිරිමේ යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කළේ, අධිකරණ අමාත්‍යවරයා මගින් අදාළ සිරකරුවන්ගේ නාමලේඛනය ලබා දී ඇති බවයි. මේ අතර, රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලය මත නැගී ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. දැනට මරණීය දණ්ඩණය නියමව සිටින රැඳවියන් පිරිසක් ආහාර වර්ජනය කරමින් මෙලෙස විරෝධතාවක නිරත වන්නේ, මරණ දඬුවම නියම කළ දින සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි, ඉල්ලමිනි. මෙම ඉල්ලීම මුල් කරගනිමින් ඊයේ (24) පස්වරුවේ සිට මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියෝ ද වර්ජනයේ නිරතව සිටිති.