by Staff writer 25-06-2021 | 6:44 PM
COLOMBO (News 1st) - ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී ඊයේ(24) රාත්‍රී සිදු වූ අනතුරෙන් පසු පළාගිය සැකකරුවන් තිදෙනා පොලීසියට භාර වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, අධිවේගී මාර්ගයට අනවසරෙන් ඇතුළු වූ මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා මියගිය බවයි.
අනතුරෙන් වාහන දෙකම ගිනි ගැනීමට ලක් වූ බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.
පොලීසියට භාර වූ සැකකරුවන් තුන්දෙනාට එරෙහිව සංචරණ නීති කඩකිරීම සහ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවීම යන චෝදනා යටතේ ද පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් ද වෙන වෙනම නඩු පැවරීමට නියමිත ය.