පාසල් ළමුන් ලක්ෂ 7 කට ඔන්ලයින් පහසුකම් නැහැ

පාසල් ළමුන් ලක්ෂ 7 කට ඔන්ලයින් පහසුකම් නැති බව හෙළිවෙයි

by Staff writer 25-06-2021 | 10:25 AM

COLOMBO (NEWS1ST) : මෙරට පාසල් පද්ධතිය තුළ ළමුන් ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවකට ඔන්ලයින් අධ්‍යාපන පහසුකම් සඳහා පහසුකම් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළේ, පාසල් 3,000 කට අධික සංඛ්‍යාවකට මෙම පහසුකම් නොමැති බවයි. එවැනි අපහසුතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාමේ රජයේ සැලසුම් පිළිබඳව, නිව්ස් ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් අධ්‍යාපන ලේකම්වරයා ඒ බව පැවසී ය. අධ්‍යාපන ලේකම්වරයා පැවසුවේ, ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් නොමැති සිසුන් වෙනුවන් මහින්ද්‍යෝදය තාක්ෂණ විද්‍යාගාර හරහා අධ්‍යාපනය ලබා දීමට අපේකෂිත බවයි. සංචරණ සීමා ලිහිල් කර ඇති අවස්ථාවන්හිදී සෞඛ්‍යාරක්ෂිතව දරුවන් එම ස්ථාන වෙත කැඳවා උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා විෂයමාලා ඉගැන්විමේ හැකියාවක් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.