ලියාපදිංචි නොවූ වෙළෙඳුන් සොයා විමර්ශන

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳුන් සොයා අද සිට විමර්ශන

by Staff writer 25-06-2021 | 10:25 AM

COLOMBO (News 1st) - පාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් හා වෙළෙඳුන් සොයා අද(25) සිට විමර්ශන ආරම්භ කෙරේ.

සීනි, සහල්, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ගබඩා කරන්නන් ,බෙදා හරින්නන් සහ තොග වෙළෙඳාම් කරන්නන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට නියෝග කරමින් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි.