COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (24) තහවුරු කරන ලද කොරෝනා මරණ 48 ක් අද (25) දිනයේ වාර්තා කර තිබේ.
මියගිය පිරිස අතරින් 26 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙදෙනා කාන්තාවන් ය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිස අතර වයස අවුරුදු 30 - 59 ත් අතර වයසේ පසුවූ ආසාදිතයින් 11 දෙනෙකි.
ඉතිරි මරණකරුවන් 37 දෙනා අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසුවූවන් ය.
