by Staff writer 25-06-2021 | 6:35 PM
COLOMBO (News 1st) - කොවිඩ් වසංගතය හේතුවෙන් දැනට තම නිවස ආසන්න ජාතික පාසල්වල තාවකාලිකව අනුයුක්තව සේවය කරන ගුරුවරුන්ට එම සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවස්ථාව හිමිවේ.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එහෙත් එම කාලසීමාවන් අවසන් කළ ගුරුවරුන් තම නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කළයුතු බවයි.
ඒ අනුව තවදුරටත් අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් ගුරු ස්ථාන මාරු අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.