ට්‍රක් රථයක් පෙරළී හමුදාවේ දෙදෙනෙක් මරුට

චෙන්කලඩි කළු පාලමේදී ට්‍රක් රථයක් පෙරළීමෙන් හමුදා සාමාජිකයින් දෙදෙනෙක් මරුට

by Staff writer 25-06-2021 | 9:28 PM

COLOMBO (News 1st) - මඩකලපුව - බදුල්ල ප්‍රධාන මාර්ගයේ චෙන්කලඩි කළු පාලම අසළදී හමුදා ට්‍රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් දෙදෙනෙකු මියගොස් තිබේ.

වාකරේ 233 වන බලසේනා මූලස්ථානයේ රාජකාරියේ නිරත හමුදා සාමාජිකයින් 6 දෙනෙකු රැගත් ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත. යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසුවේ, තිරිවානා ගල් තොගයක් රැගෙන යමින් තිබියදී ට්‍රක් රථය පාරෙන් ඉවතට පැන කළු පාලමෙන් පිටතට පෙරළී ඇති බවය. අනතුරින් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියගිය අතර සිව්දෙනෙකු තුවාල ලබා චෙන්කලඩි රෝහලට ඇතුළත් කළ බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.