ගෙවුණු දිනයේ රිය අනතුරුවලින් 5 ක් මරුට

ගෙවුණු දිනයේ රිය අනතුරුවලින් 5 ක් මරුට

by Hashini De Mel 25-06-2021 | 8:12 AM

COLOMBO (News 1st) - ඊයේ (24) දින සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 5 දෙනෙක් මිය ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙම රිය අනතුරු වලින් 3ක් සිදු ඇත්තේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථවලින් බවයි. අනෙක් මරණ 02 පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.