ඇමරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

ඇමරිකාවේ තට්ටු 12 ක ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයින් 100 ක් අතුරුදන්

by Staff writer 25-06-2021 | 9:05 AM

COLOMBO (NEWS1ST) : ඇමරිකාවේ ෆ්ලොරිඩාහි මියාමී නගරයේ මහල් 1 2කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අතුරුදන්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි සිටි පුද්ගලයින් 100කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි. මියගිය එක් අයකුගේ සිරුරුක් සොයා ගෙන තිබේ. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් 35 දෙනෙකු පමණ මේ වන විටත්, බේරාගෙන රෝහල්ගත කර ඇතැයි සඳහන් ය. මෙම ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිට ඇත්දැයි නිශ්චිතව කිව නොහැකි බව මියාමී නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් පුහුණු සුනඛයන් හා ඩ්‍රෝන යානා භාවිත කරමින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. 1981 දී ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල කඩා වැටීමට හේ