COLOMBO (NEWS1ST) : දිවයිනේ තවත් දිස්ත්‍රික්ක 5ක ග්‍රාම නිලධාරී වසම් 10 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, බදුල්ල, කළුතර, මන්නාරම, යාපනය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 10ක් අද (25) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි එලෙස හුදකලා කළ බවයි.
මේ අතර කොළඹ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමට අයත් ප්‍රදේශ දෙකක හුදකලාබව ඉවත් කර තිබේ.
