වැලිකඩ රැඳවියන් පිරිසක් වහලය මත විරෝධතාවක

UPDATE: වැලිකඩ රැඳවියන් පිරිසක් වහලය මත විරෝධතාවක

by Staff writer 24-06-2021 | 10:29 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වනවිට බන්ධනාගාර ගොඩනැගිල්ලක වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර තිබේ.

මරණ දඬුවම නියම කළ දින සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කරන්නැයි ඉල්ලමින් මෙම විරෝධය ආරම්භ කර ඇති බව වාර්තා වේ. මෙම ඉල්ලීම මුල්කර ගනිමින් අද(24) පස්වරුවේ සිට මහර සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් ආහාර ද වර්ජනය කර තිබුණි.