රට ගිය බැසිල් රාජපක්ෂ යළි දිවයිනට )

by Staff writer 24-06-2021 | 9:40 AM

COLOMBO (NEWS1ST) : විදෙස් සංචාරයක නිරත වූ ආර්ථීක පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහත අද(24) උදෑසන දිවයිනට පැමිණියේ ය.

ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ EK650 දරන ගුවන් යානයෙන් ඔහු මෙරටට පැමිණි බව අප ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ය. අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ, දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා PCR පරීක්ෂණය සිදු කර සෞඛ්‍ය උපදෙස් අනුව නිරෝධායනයට යොමු වනු ඇති බවයි. බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව ගියේ පසුගිය මැයි 12 වනදායි.     https://www.youtube.com/watch?v=6KStVZotlds