තවත් කොරෝනා මරණ 45 ක්

තවත් කොරෝනා මරණ 45 ක්

by Sagarika Chathumali 24-06-2021 | 8:18 PM

COLOMBO (NEWS1ST) : සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (23) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 45 පිළිබඳ තොරතුරු අද (24) දිනයේ වාර්තා කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව එලෙස මිය ගිය 45 දෙනා අතරින් 27 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර අනෙක් 18 දෙනා කාන්තාවන් ය. මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු වයසේ පසු වන එක් ආසාදිතයෙකු ද වේ. අවුරුදු 30 ත් 59 ත් අතර වයස්වල පසුවන ආසාදිතයින් 10 දෙනෙකු සහ අවුරුදු 60 සහ ඊඩ වඩා වැඩි වයස්වල පසුවන ආසාදිතයින් 34 දෙනෙකු ද මිය ගිය පිය පිරිස අතර වේ.