ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්..  (VIDEO)

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්.. (VIDEO)

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්.. (VIDEO)

කර්තෘ Sagarika Chathumali

24 Jun, 2021 | 10:18 pm

COLOMBO (NEWS1ST) : ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ ‍ යතුරුපැදියක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අද (24) රාත්‍රී 7.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුවී  කුරුණෑගල දෙසට අධික වේගයන් ගමන් කර ඇති යතුරු පැදිය සහ මෝටර් රථය අනතුරට පත්වීමෙන් පසු ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යතුරුපැදියේ ගමන් කළ 19 සහ 24 යන වයස්වල පසුවූ තරුණයින් දෙදෙනෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගයින් 5 දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පළා ගොස් ඇති අනෙක් පුද්ගලයින් 3 දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]