රනිල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

by Sagarika Chathumali 23-06-2021 | 10:17 AM

COLOMBO (NEWS1ST) : එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (23) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ මන්ත්‍රී ධුරය අද (23) සම්පූර්ණ කෙරුණේ වසරකට වැඩි කාලයකට පසුවයි. අද පෙරවරුවේ වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දී විපක්ෂයේ දහතුන්වැනි අසුනේ අසුන් ගත්තේ ය. ශ්‍රී ලංකාවේ පස්වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම පාර්ලිමේන්තුවට පත් වූයේ 1977 වර්ෂයේයි. වසර 40ක අඛණ්ඩ පාර්ලිමේන්තු ඉතිහාසයක් සහිත රනිල් වික්‍රමසිංහ මහතා වැඩිම කලක් මෙරට විපක්ෂ නායක ධුරය දැරූ දේශපාලනඥයා ද වේ.