බ්‍රිතාන්‍ය නැවකට රුසියාවෙන් අනතුරු ඇඟවීම්

මුහුදු සීමාව උල්ලංඝණය කළ බ්‍රිතාන්‍ය නෞකාවකට රුසියාවෙන් අනතුරු ඇඟවීමේ ගුවන් ප්‍රහාර

by Staff writer 23-06-2021 | 10:51 PM

COLOMBO (NEWS1ST) : සිය මුහුදු සීමාව උල්ලංඝණය කළ බ්‍රිතාන්‍ය නෞකාවකට අනතුරු ඇඟවීමේ ගුවන් ප්‍රහාර එල්ල කළ බව රුසියාව පවසයි.

රුසියානු හමුදාව ප්‍රකාශ කළේ, එම බ්‍රිතාන්‍ය යුද නෞකාව කළු මුහුද ඔස්සේ යාත්‍රා කර, ක්‍රිමියාව හරහා සිය මුහුදු සීමාව උල්ලංඝණය කර ඇති බවයි. ඒ බව සැල කරමින් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් මගින් බ්‍රිතාන්‍ය නෞකාව දෙසට අනතුරු ඇඟවීමේ බෝම්බ ප්‍රහාර හතරක් එල්ල කර තිබේ. රුසියානු හමුදාව ප්‍රකාශ කළේ, සිය වෙරළාරක්ෂක නෞකාවක් ද මුහුදු කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථානගත කළ බවයි. රුසියානු බෝම්බ ප්‍රහාර එල්ල වී විනාඩි කිහිපයක් තුළ බ්‍රිතාන්‍ය නාවික හමුදා යුද නෞකාව ආපසු පිටත්ව ගොස් ඇතැයි රුසියානු මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.