පානදුර, පිංවත්තට පොලිස් ස්ථානයක්..

පානදුර, පිංවත්ත පොලිස් මුරපොළ පොලිස් ස්ථානයක් කරයි..

by Staff writer 23-06-2021 | 9:41 PM

COLOMBO (News 1st) - පානදුර, පිංවත්ත පොලිස් ස්ථානය විවෘත කිරීම මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

අද විවෘත වූ පානදුර, පිංවත්ත පොලිස් ස්ථානය මීට පෙර පැවතියේ පොලිස් මුරපොළක් ලෙසය. මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.