තැපෑලෙන් වාර්තාගත දෛනික ආදායමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්..

by Staff writer 23-06-2021 | 8:42 AM

COLOMBO (News 1st) - දෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බවය. ඉන් රුපියල් කෝටි 22 ක්ම උපයා ඇත්තේ, විදුලි බිල් අයකිරීම් මගිනි. මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේ ය. ලංකා විදුලිබල මණ්ඩල, ජල සම්පාදන මණ්ඩල බිල්පත් ගෙවීම් ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.