තවත් කොරෝනා මරණ 65ක්

තවත් කොරෝනා මරණ 65ක්.. මියගිය පිරිස අතර අවුරුදු 30 ට අඩු ආසාදිතයින් දෙදෙනෙක්

by Sagarika Chathumali 23-06-2021 | 8:55 PM

COLOMBO (NEWS1ST) : තවත් කොරෝනා මරණ 65 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.

ඊයේ (22) තහවුරු කරන ලද මෙම මරණ අතරින් 40 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 25 දෙනා කාන්තාවන් ය. මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනකු ද වේ. අවුරුදු 30 -59 අතර වයසේ පසුවූ ආසාදිතයින් 10 දෙනෙකු ද, වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසු වූ ආසාදිතයින් 53 දෙනෙකු ද මියගිය පිරිස අතර වේ.