ඩෙල්ටා ප්‍රභේදය: අහඹු පරීක්ෂණ රටපුරා

ඩෙල්ටා ප්‍රභේදය රටපුරා ව්‍යාප්ත වී ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂණ..

by Staff writer 23-06-2021 | 8:28 AM

COLOMBO (News 1sxt) - ඩෙල්ටා ප්‍රභේදය රටපුරා පැතිර ඇත්දැයි සොයා අහඹු නියැදි පරීක්ෂාවන් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිත බවට සැක කාන්තාවක් මාදිවෙල ප්‍රදේශයෙන් ඊයේ(22) හඳුනා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, 53 හැවිරිදි අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව, මෙරටින් මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බවට සැක කරන පිරිස 6 කි. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාවගේ ක්‍රියකලාපය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, ආසාදිතයින් සම්බන්ධ දෛනික තොරතුරු මත පදනම්ව ඉදිරි තීරණ ගන්නා බවයි. මේ අතර, කොවිඩ් ආසාදිතව තවත් පුද්ගලයින් 71 දෙනෙකු මිය ගොස් තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2,704ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.