අද (23) රාත්‍රී 10 සිට යළිත් දිවයිනටම සංචරණ සීමා..

අද (23) රාත්‍රී සිට 25 අලුයම තෙක් යළිත් දිවයිනටම සංචරණ සීමා....

by Staff writer 23-06-2021 | 7:58 PM

COLOMBO (NEWS1ST) : ජුනි මස 23 වැනිදා එනම් අද රාත්‍රී 10.00 සිට යළිත් රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක වේ.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස පනවන සංචරණ සීමා එළඹෙන 25 වනදා එනම් සිකුරාදා අලුයම 4.00 දක්වා බලපැවැත්වෙන බවයි. අද (23) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,358 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 245,271 ක් දක්වා ඉහළ යනු ඇති.