by Staff writer 23-06-2021 | 2:26 PM
COLOMBO (NEWS1ST) : හම්බන්තොට තිස්සමහාරාම වැවේ රොන්මඩ ඉවත් කරනවා යැයි, පැවසෙන වයාපෘතියක් මේ වනවිට ක්‍රියාත්මකවී තිබේ.
එහි අමුතු ඇඳුම් ලා ගෙන සිටින පිරිසක් පිළිබඳව News1st ඊයේ (22) තොරතුරු වාර්තා කළේ ය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට ඊයේ (22) පස්වරුවේ එහි ගිය අප වාර්තාකරුට එහි සිටි පිරිසක් බාධා කළහ.
තිස්සමහාරාම වැව භූමියේ වැඩ කටයුතු පැවරී ඇත්තේ චීන හවුල්කාර සමාගමකටයි .
තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට අමුතු ඇඳුම් ලා ගත් පිරිසක් සම්බන්ධයෙන් අපි තොරතුරු වාර්තා කළෙමු.
මෙම හමුදා කැළෑ නිළ ඇඳුමට සමාන ඇදුම් ඇඳ සිටින පුද්ගලයින් කවුද ?
අපි මෙම ඇඳුම චීන මහජන විමුක්ති හමුදාව භාවිත කරන කැළෑ ඇඳුම සමග සැසඳීමක් කළෙමු.
අමෙරිකානු හමුදා මෙරටට ගොඩ බැසීමට ඉඩ කඩ තිබූ MCC ගිවිසුම අහෝසි වුනේ ජනතා විරෝධය මතයි .
එහෙත් දකුණේ මෙවැනි ඇඳුම් ලා ගත් විදේශිකයින් වැඩ බිම්වල දක්නට ලැබේ.
තිස්සමහාරාම වැවේ ආරම්භ වී ඇත්තේ සිවිල් වැඩකටයුත්තක් වන අතර එවැන්නකට හමුදා කැළෑ ඇඳුමට සමාන ඇදුම් ලාගෙන සම්බන්ධ වී සිටින මොවුන් කවුරුන්ද ?
සිදුවන්නේ කුමක් ද?