2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ඇරඹේ

by Staff writer 22-06-2021 | 10:31 AM

COLOMBO (News 1st) - 2021 ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

එහෙත් මෙවර ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන පත්‍රිකා නිවෙස් වෙත යැවීමක් සිදු කරන්නේ නැත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙවර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා විසින් ඡන්ද හිමියන්ගේ නවතම දත්ත ගෙන තොරතුරු ලේඛන යාවත්කාලීන කරන බවය. සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලිය අගෝස්තු මාසයේ අවසන් වේ. එහෙත් කොරෝනා ව්‍යාප්තියත් සමග එම කටයුතු ප්‍රමාද විය හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.