ශානිගේ ආරක්ෂාව තහවුරු කරන්න

ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන්න - එ. ජා. මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම

by Staff writer 22-06-2021 | 9:50 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයක් කර තිබේ.

මෙම ප්‍රකාශයෙන් ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ද ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම තවදුරටත් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් වන හිජාස් හිස්බුල්ලා සහ සාහිත්‍යකරු අනාෆ් ජසීම් තවදුරටත් රජය විසින් රඳවා තබාගෙන ඇති බවය. තව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පෙන්වාදෙනු ලැබූ ශ්‍රී ලංකාවේ පොලිස් භාරයේදී සිදුවන මරණ පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මධ්‍ය කණ්ඩායම අවධානයෙන් පසුවන බව ප්‍රකාශයේ සඳහන් වේ.