වික්ටෝරියා අසළට භූ කම්පන මාන 10ක්..

වික්ටෝරියා ජලාශය ආසන්නයේ නව භූ කම්පන මාන 10ක් ස්ථාපිත කිරීමට පියවර

by Staff writer 22-06-2021 | 10:42 AM

COLOMBO (News 1st) - වික්ටෝරියා ජලාශය ආසන්න ප්‍රදේශවල නව භූ කම්පන මාන 10 ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනිම් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ජර්මනියෙන් එම උපකරණ ලැබුණු බවයි. එම භූ කම්පන මාන සවිකිරීමෙන් අනතුරුව දැනට වික්ටෝරියා ජලාශය ආසන්නයේ සිදුවන භු කම්පනවල තත්ත්වය හොඳින් නිශ්චය කිරීමට හැකියාව ලැබෙන බව සභාපතිවරයා සඳහන් කළේ ය. දැනට තිබෙන තත්ත්වය අනුව සිදුවන භූ කම්පනවල නිසි තොරතුරු දැන ගැනීමට නොහැකි බව ඔහු පැවසීය. මහකනදරාව, පල්ලෙකැලේ, බුද්ධංගල හා හක්මන යන ස්ථානවල දැනට භූ කම්පනමාන සවිකර තිබේ. පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදී වික්ටෝරියා ජලාශය ආසන්නයේ සුළු භූ කම්පන ඇති විය.