මහ වැව් හාරන්න, චීනෙන් ආ මේ අය කවු ද? (VIDEO)

by Staff writer 22-06-2021 | 8:24 PM

COLOMBO (NEWS1ST) : චීන ලංකා හවුල් සමාගමකට පැවරී ඇති තිස්සමහාරාම වැවේ රොන් මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට පසුගිය දා අමුතු ඇඳුම් ලා ගත් පිරිසක් සම්බන්ධ වී සිටිනු දක්නට ලැබිණ.

මෙම ඇඳුම චීන මහජන විමුක්ති හමුදාව භාවිත කරන කැළෑ ඇඳුම සමග සැසඳීමේදී යම් සමානතාවක් දක්නට ලැබේ. ඇමරිකානු හමුදා මෙරටට ගොඩ බැසීමට ඉඩ කඩ තිබූ MCC ගිවිසුම අහෝසි වූයේ, ජනතා විරෝධය මතයි . එහෙත් දකුණේ අමුතු ඇඳුම් ලා ගත් විදේශිකයින් වැඩ බිම්වල දක්නට ලැබේ. තිස්සමහාරාම වැවේ ආරම්භ වී ඇත්තේ සිවිල් වැඩකටයුත්තක් වන අතර එවැන්නකට හමුදා කැළෑ ඇඳුමට සමාන ඇදුම් ලාගෙන සම්බන්ධ වී සිටින මොවුන් කවුරුන්ද ?

සිදුවන්නේ කුමක්ද

?