පැය 24ක් තුළ රිය අනතුරුවලින් 11ක් මරුට

පැය 24ක් තුළ රිය අනතුරුවලින් 11ක් මරුට

by Hashini De Mel 22-06-2021 | 10:06 AM

COLOMBO (News 1st) - ගෙවුණු පැය 24ක කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙයින් ඊයේ(21) දිනයේදී මරණ 8 ක් සහ පෙරේදා(20) දිනයේ මරණ 3ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඒ අනුව, මෙම මරණවලින් පදිකයින් දෙදෙනෙක්, යතුරුපැදිවලින් ගමන් ගත් පුද්ගලයින් 6 දෙනෙක්, පාපැදිවල ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙක් හා ලොරියක ගමන්ගත් එක් පුද්ගලයෙක් එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.