කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න...

ගෙවුණු දිනයේ (21) කොරෝනා ආසාදිතයින් වාර්තාවූ ප්‍රදේශ මෙන්න...

by Sagarika Chathumali 22-06-2021 | 11:40 AM

COLOMBO (NEWS1ST) : ගෙවුණු දිනයේ (21) මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 2,131 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ආසාදිතයින් අතරින් 33 දෙනෙකු හඳුනා ගෙන ඇත්තේ, විදේශයන්හි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරිනි. ඊයේ දිනයේත් දිස්ත්‍රික්ක 25 න්ම ආසාදිතයින් වාර්තාවී ඇති අතර වැඩිම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ⭕ ගම්පහ දිස්ත්‍රික්කය – 271 යි. (වැඩිම ආසාදිතයින්) ⭕ කොළඹ දිස්ත්‍රික්කය – 229 යි. ⭕ රත්නපුර දිස්ත්‍රික්කය – 208 යි ⭕ මඩකපුව දිස්ත්‍රික්කය – 177 යි අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.   ඊයේ හඳුනාගත් නව ආසාදිතයින් ද සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 241,820 ක් දක්වා ඉහළ ගිය අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 31,952 කි. මේ අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 207,287 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර පසුගිය 20 වනදා සිදුවූ කොරෝනා මරණ 52 ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කරනු ලැබිණ. මිය ගිය පිරිස අතරින් ආසාදිතයින් 30 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙදෙනා කාන්තාවන් ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු, අවුරුදු 30 – 59 අතර වයසේ පසුවන ආසාදිතයින් 10 දෙනෙකු සහ අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසු වූ ආසාදිතයින් 41 දෙනෙකු ද විය.