ග්‍රාම නිලධාරී වසමක් සහ තවත් ප්‍රදේශයක් LOCKDOWN..

ග්‍රාම නිලධාරී වසමක් සහ තවත් ප්‍රදේශයක් LOCKDOWN...

by Sagarika Chathumali 22-06-2021 | 7:42 AM

COLOMBO (NEWS1ST) : දිස්ත්‍රික්ක 2ක ග්‍රාම නිලධාරී වසමක් සහ එක් ප්‍රදේශයක් අද (22) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල පොලිස් වසමේ කොටවල ග්‍රාම නිලධාරී වසම හුදකලා කරන බවයි. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව පොලිස් වසමට අයත් සේරපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත ද හුදකලා කෙරෙනු ඇති. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් වසමට අයත් කෙරන්ගපොකුණ ජෝර්ජ් මාවත වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලාබවින් ඉවත් කර තිබේ.