තවත් කොරෝනා මරණ 71ක්...

කොරෝනා මරණ 71ක්... මියගිය පිරිස අතරින් අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙක්

by Sagarika Chathumali 22-06-2021 | 7:57 PM

COLOMBO (NEWS1ST) : මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 71 ක් වාර්තා වී තිබේ.

අද (22) දිනයේ වාර්තා කරන මෙම කොවිඩ් මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ (21) දිනයේයි. මියගිය පිරිස අතරින් 38 දෙනෙකු කාන්තාවන් වන අතර ඉතිරි 33 දෙනා පිරිමි පුද්ගලයින් ය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව මියගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකු ද සිටී. අවුරුදු 30 - 59 අතර වයසේ පසුවන පුද්ගලයින් 13 දෙනෙකු සහ  අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසුවන පුද්ගලයින් 57 දෙනෙකු ද මියගිය ආසාදිතයින් අතර වේ.