රු.බි. 200 පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

කොරෝනා එන්නත් මිලදී ගැනීම ඇතුළු වියදම් සඳහා රුපියල් බි. 200 පරිපූරක ඇස්තමේන්තුවක්

by Staff writer 22-06-2021 | 1:09 PM

COLOMBO (NEWS1ST) : රුපියල් බිලියන 200 ක පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

ඒ , කොරෝනා මර්දනය සහ එන්නත් මිලදී ගැනීම ඇතුළු වියදම් සඳහායි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අමාත්‍යවරයා එහිදි යෝජනා කළේ, එය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කිරිමටයි. මීට අමතරව 2020 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව ද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එය මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කිරිමට යෝජනාවී තිබේ.