කාබනික,කොම්පෝස්ට්: ප්‍රමිතියක් සකස් කිරීමට පියවර

කාබනික හා කොම්පෝස්ට් පොහොරවලට නිසි ප්‍රමිතියක් සකස් කිරීමට පියවර

by Staff writer 22-06-2021 | 2:08 PM

COLOMBO (News 1st) - කාබනික හා කොම්පෝස්ට් පොහොරවලට නිසි ප්‍රමිතියක් සකස් කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගෙන තිබේ.

එහි සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සඳහන් කළේ, කාබනික පොහොර සකස් කිරීමේදී පොස්පොරස්, පොටැසියම් වැනි ද්‍රව්‍ය යෙදීමේදී නිසි ප්‍රමිතයක් අවශ්‍ය බවයි. මේ වනවිට මෙරට කාබනික හා කොම්පෝස් පොහොර මහා පරිමාණ ව්‍යාපාරිකයින් හා ගොවින් විසින් නිෂ්පාදනය කරනු ලබයි. නිසි ප්‍රමිතියෙන් යුතුව පොහොර නිෂ්පාදනයට අවස්ථාව ලබාදීම සඳහා ප්‍රමිතියක් සකස් කිරීමට මේ වනවිට ප්‍රමිති ආයතනය කටයුතු සිදු කරමින් පවතින බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.