ඉන්ධන මිලට එරෙහි අරගලය නවත්වන්නේ නැහැ

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව සහමුලින් හකුලා ගන්නා තුරු අරගලය නවත්වන්නේ නැහැ - විපක්ෂ නායක

by Staff writer 22-06-2021 | 9:16 PM

COLOMBO (News 1st) - ඉන්ධන මිල ඉහළ නැංවීමට සමගාමීව ගෑස් මිල ඉහළ නැංවීමේ උවමනාව ආණ්ඩුවට දැඩිව පැවති නමුත් සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය දිගින් දිගටම ගෙන ගිය අරගලය හේතුවෙන් ආණ්ඩුවට එම තීන්දුව හකුලා ගන්නට සිදු වූ බව නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඉන්ධන මිල වැඩි කළ දා සිටම සමගි ජන බලවේගය එම අත්තනෝමතික තීන්දුවට එරෙහිව රටපුරා විරෝධතා පැවැත් වූ බව ද එම නිවේදනයේ සඳහන් වේ. විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ, ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව සහමුලින් හකුලා ගන්නා තුරු තම අරගලය නොනවතින බවයි.