'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිත කාන්තාවක IDH රෝහලට

ඉන්දීය 'ඩෙල්ටා' කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාවක් IDH රෝහලට

by Sagarika Chathumali 22-06-2021 | 10:25 AM

COLOMBO (NEWS1ST) : 'ඩෙල්ටා' කොරෝනා ප්‍රභේදය ආසාදිත කාන්තාවක් මාදිවෙල ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ.

සෞඛ්‍යය අමාත්‍යාංශය පැවසුවේ, 53 හැවිරිදි එම කාන්තාව ප්‍රතිකාර සඳහා IDH රෝහළට ඇතුළත් කර ඇති බවයි. මේ අතර පසුගිය 17 වනදා 'ඩෙල්ටා' ප්‍රභේදය වැළදුණු පුද්ගලයින් 5 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් හඳුනා ගැනිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ, සාම්පල් 13 කින් මෙම 5 දෙනා හඳුනා ගත් බවයි. මීට පෙර ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගෙන තිබුණේ, නිරෝධායන මධ්‍යස්ථානවලිනි. 'ඩෙල්ටා' ලෙස හැදින්වෙන්නේ, ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ව්‍යාපත් වන කොවිඩ් - 19 වෛරස ප්‍රභේදයයි.