ඉන්දියාව මේ සූදානම් වෙන්නේ කුමකටද?

අමෙරිකාවෙන් ඩ්‍රෝන යානා, ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක යානා, ඉන්දියාව මේ සූදානම් වෙන්නේ කුමකටද?

by Staff writer 22-06-2021 | 9:37 PM

COLOMBO (News 1st) - ඉන්දු - ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් ද්වීපාර්ශ්වික සබඳතා පිළිබඳව ඊයේ (21) විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ.

තම ඩ්‍රෝන යානා ශ්‍රී ලංකාව පිළිබඳව විමසිල්ලෙන් සිටින බවට ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා ප්‍රකාශයක් කර පැය කිහිපයකට පසුව මේ සාකච්ඡාව සිදුවීම විශේෂත්වයකි. ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාර්ථක සාකච්ඡාවක නිතර වූ බවයි. එම සාකච්ඡාවේදී දෙරට අතර ඇතිකර ගෙන ඇති ද්වීපාර්ශ්වික සම්බන්ධතා පිළිබඳව නැවත ආවර්ජනයක නිරත වූ බව ද අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, දෙරට අතර ඇති සම්බන්ධතාවය දිගටම පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවයි. ඉන්දියාව මේ වනවිට අමෙරිකාවෙන් ඩ්‍රෝන යානා 30ක් මිලදී ගැනීමට පියවර ගෙන ඇති අතර ප්‍රංශයේ රෆාල් ප්‍රහාරක යානා ද මිලදී ගනිමින් සිටී.

මේ පිළිබඳ සවිස්තර වාර්තාව නරඹන්න..

https://www.youtube.com/watch?v=3Q2UxCcTnTw