'හරක් කටා' ගේ නැන්දණිය බත්තරමුල්ලේදී අත්අඩංගුවට

'හරක් කටා' ගේ නැන්දණිය බත්තරමුල්ලේදී අත්අඩංගුවට

by Sagarika Chathumali 21-06-2021 | 10:35 PM

COLOMBO (NEWS1ST) : 'හරක් කටා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර නඳුන් චින්තකගේ බිරිඳගේ මව පොලිස් වත්කම් විමර්ශන ඒ්කකය අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ්, අදාළ සැකකාරිය රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයක මුදලකට ජයවර්ණගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියකට අදාළවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවුසවේ, 'හරක් කටා' විසින් එවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් අදාළ නිවස මිලදී ගෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි. බත්තරමුල්ල, ජයවර්ණගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති 54 හැවිරිදි සැකකාරිය හෙට (22) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.