වෙනස් ආකාරයේ වෛරස කාණ්ඩයක් හමුවුණා ද?

වෙනස් ආකාරයේ වෛරස කාණ්ඩයක් මාදිවෙලින් හමුවුණා ද?

by Staff writer 21-06-2021 | 9:41 PM

COLOMBO (NEWS1ST) : අසාමාන්‍යතාවයක් සහිත එක් PCR පරීක්ෂණයක් හඳුනා ගෙන ඇතැයි, නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ, මාධ්‍යවේදීන් අද සිදු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි. ප්‍රශ්නය : - මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ මේ කර්මාන්තශාලාවේ වැඩකරපු කෙනෙක් හිටියා කියලා, ඒ පුද්ගලයා විතරක් නෙවෙයි ද වටේටම ගොඩක් ගිහිල්ලා තියනවා ද? නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් : - ඒක දැනගන්න විදිහක් නෑ. මේ මොහොත වෙනකොට අපි දන්නේ එක පුද්ගලයෙකුට අසාමාන්‍යතාවයක් ඒ PCR පරික්ෂණයෙන් හඳුනාගෙන තියනවා. අසාමාන්‍යතාවයක් දක්වන සාම්පල ලැබුණ හොත් ඒම සාම්පලයට අදාළ ආශ්‍රිතයින් පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.