අවුරුදු 18ට වැඩි සියලු ඉන්දියානුවන්ට කොවිඩ් එන්නත්

වයස 18 ට වැඩි සියලු ඉන්දියානුවන්ට නොමිලේ කොවිඩ් එන්නත්

by Staff writer 21-06-2021 | 4:47 PM

COLOMBO (NEWS1ST) : වයස අවුරුදු 18 ට වැඩි සියලු ඉන්දියානුවන්ට නොමිලේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ අද (21) ආරම්භ කර තිබේ.

මාධ්‍ය ඔස්සේ ජනතාව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, රට පුරා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ මධ්‍යම රජය භාර ගන්නා බවයි. ප්‍රාන්ත හරහා 25% කට පළමු එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ද මධ්‍යම එන්නත්කරණ වැඩපිළිවෙළ හරහා ඉදිරියට පවත්වාගෙන යනු ඇති.