ආයතනවලට සේවකයින් කැඳවීමට අදාළව මාර්ගෝපදේශ

රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට සේවකයින් කැඳවීමට අදාළව මාර්ගෝපදේශ

by Sagarika Chathumali 21-06-2021 | 5:36 PM

COLOMBO (NEWS1ST) : බස්නාහිර පළාත තුළ අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියා අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරින් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටී.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලුම රාජ්‍ය ආයතනවල ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු සතියකට උපරිම දින 2 ක් පමණක් සේවා ස්ථානයට කැඳවිය හැකි බවයි. එය ද එම නිලධාරියාට හෝ සේවකයාට නිවසේ සිට රාජකාරී සිදු කිරීමට නොහැකි නම්, පමණි. තව ද පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා සඳහා කැඳවන සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ද සැපයීමට අදාළ ආයතන කටයුතු කළ යුතු වේ. පෞද්ගලික ආයතන ද අවම කාර්ය මණ්ඩලයකින් සේවා සපයා ගත යුතු බව ත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට සේවකයින් උනන්දු කළ යුතු බව ත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.