කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රථ රියැදුරු මරුට

රාජ්‍ය ඇමතිවරයෙකුගේ නිවස ඉදිරිපිටදී කොස්තාපල් කළ වෙඩි තැබීමෙන් ටිපර් රථ රියැදුරු මරුට

by Sagarika Chathumali 21-06-2021 | 7:35 PM

COLOMBO (NEWS1ST) : රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්ගේ මඩකලපුව නිවස ඉදිරිපිටදී පොලිස් කොස්තාපල්වරයෙකු සිදු කළ වෙඩි තැබීමකින් වැලි ටිපර් රථ රියැදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (21) පස්වරු 5.10ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ, රාජ්‍ය අමාත්‍යවරයා‌ගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකු විසිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකාර කොස්තාපල්වරයා ගිනිඅවිය ද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට දින කිහිපයකට පෙර වැලි ටිපර් රථ රියැදුරු සමග බහින්බස්වීමක් සිදුව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම රියැදුරු අද ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා එම නිවසේ සිට නොමැත.