මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් තවදුරටත් තාවකාලිකව නවතී

by Hashini De Mel 21-06-2021 | 11:00 AM

COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන සේවාවන් තවදුරටත් තාවකාලිකව නතර කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.

ඒ, මේ වනවිට රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වයේ දැඩි අවදානම් සහගත ස්වභාවය මත සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශයන්ට අනුවයි. එසේම දෙපාර්තමේන්තුව මගින් සපයන සේවාවන් ගැන යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් 070 7 677 877 අංකය ඔස්සේ ඇමතීමෙන් සේවාවන් ලබා ගත හැකි බව මෝටර් රථ දෙපාර්තමේන්තුව පැවසීය. නැවත සියලුම සේවාවන් ආරම්භ කරනු ලබන දිනය මාධ්‍ය මගින් පසුව දැනුම් දෙන බව ද මෝටර් රථ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.