පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න පියවර

පොන්නි සම්බා මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වීමට රජය ටෙන්ඩර් කැඳවයි..

by Staff writer 21-06-2021 | 9:34 PM

COLOMBO (News 1st) - පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඒ සඳහා දේශීය සහල් ආනයනකරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන බවය. ආරක්ෂිත සහල් තොගයක් ලෙස මෙම තොගය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.