තවත් එකතු කිරීම් සමග අලුත් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ

තවත් එකතු කිරීම් කිහිපයක් සමග අලුත් වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න...

by Sagarika Chathumali 21-06-2021 | 6:18 PM

COLOMBO (NEWS1ST) : අද (21) අලුයම 4.00ට දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (20) මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර අද (21) සෞඛ්‍ය අමාත්‍යංශය එකී මාර්ගෝපදේශ සඳහා තවත් එකතු කිරීම් කිහිපයක් සිදු කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතු එම නව නිවේදනය නිකුත් කර ඇත්තේ,

බස්නාහිර පළාත තුළ

අත්‍යාවශ්‍ය සහ අත්‍යාවශ්‍ය නොව ආයතන සඳහා සේවකයින් කැඳවීමට අදාළවයි. ? අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියා අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරින් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතුයි. ? අත්‍යාවශ්‍ය නොවන සියලුම රාජ්‍ය ආයතනවල ඕනෑම නිලධාරියෙකු හෝ සේවකයෙකු සතියකට උපරිම දින 2 ක් පමණක් සේවා ස්ථානයට කැඳවිය යුතුයි. ? එසේ කැඳවිය යුත්තේ එම නිලධාරියාට හෝ සේවකයාට නිවසේ සිට රාජකාරී සිදු කිරීමට නොහැකි නම්, පමණි. ? පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් අත්‍යාවශ්‍ය නොවන ආයතන කැදවන සේවකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුයි. ? පෞද්ගලික ආයතන ද අවම කාර්ය මණ්ඩලයකින් සේවා සපයා ගත යුතු යි. ? පෞද්ගලික ආයතන සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට සේවකයින් උනන්දු කළ යුතුයි. මේ අතර සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව රටේ ජනතාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (20) සවිස්තරාත්මක සහ සියලු ක්ෂේත්‍රවලට අදාළ වන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළේ ය. එකී මාර්ගෝපදේශ මාලාවට අනුව, ? එක් නිවසකින් එකවර පිටතට යා හැක්කේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණි. ? කුලී රථයක ගමන් කළ හැකි පුද්ගලයින් සංඛ්‍යාව ද දෙදෙනෙකි. ? බස්නාහිර පළාතේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවකයින් ප්‍රවාහනය සඳහා පමණි. ? අනෙකුත් පළාත්වල ආසන ධාරිතාවයෙන් 50 %ක ප්‍රතිශතයක් යටතේ පොදු ප්‍රවාහන සේවා පවත්වා ගත හැකියි. ? ආයතන සේවකයින් සෑම විටම නිවසේ සිට රාජකාරී කිරීමට උනන්දු කළ යුතුයි. ? බස්නාහිර පළාත තුළ ආයතන රැස්වීම්, වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට අවසර නැහැ. ? සෙසු පළාත්වල අත්‍යවශ්‍ය කරුණකදී සීමාසහිතව එම කටයුතු කළ හැකියි. ? ඇගළුම් කර්මාන්ත ශාලා ඇතුළු කර්මාන්ත විශේෂිත ජෛව ආරක්ෂිත බුබුලක් ලෙස ක්‍රියාත්මක කළ හැකියි. ? බැංකු ඇතළු මූල්‍ය ආයතනවල ඕනෑම අවස්ථාවක රැඳී සිටිය හැකි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 10 කි. ? මංගල උත්සව පැවැත්වීම සඳහා තවදුරටත් අවසර නැත. ? එහෙත් මනාලිය සහ මනාලයා ඇතුළු 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් විවාහ ලියාපදිංචියට අවසර හමිවේ. ? අවමංගල්‍ය කටයුත්තකදී දේහය මුදාහැර පැය 24 ක් ඇතුළත අවසන් කටයුතු කළ යුතුයි. ? ඊට සහභාගී විය හැක්කේ පුද්ගලයින් 15 දෙනෙකුට පමණි. ? ගෘහස්ත පෞද්ගලික සහ ආගමික කිසිදු උත්සවයක් සඳහා අවසර හිමි නොවේ. ? පූජනීය ස්ථාන තවදුරටත් වසා තැබිය යුතුයි. ? බස්නාහිර පළාතේ සාප්පු සංකිර්ණ තවදුරටත් වසා තැබෙන අතර සෙසු පළාත්වල සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි ය. ? බස්නාහිර පළාතේ නිමි ඇඳුම් අලෙවි සැල් විවෘත කිරීමට තවදුරටත් අවසර හිමි නොවේ. ? වරකට 25% ක පාරිභෝගික පිරිසක් ඇතුළත් කරගත හැකි පරිදි සෙසු පළාත්වල නිමි ඇඳුම් අලෙවි සැල් විවෘත කළ හැකියි. ? සිල්ලර වෙළෙඳසැල්, රෙදිපිළි සාප්පු ඇතුළු වෙනත් වෙළෙඳසැල්වලට එකවර ඇතුළත් කර ගත හැකි පාරිභෝගිකයින් සංඛ්‍යාව 3කි. ? සුපිරි වෙළඳසල්වලට පාරිභෝගිකයින් ඇතුළත් කළ යුත්තේ උපරිම ධාරිතාවයෙන් 25% ක් පමණි. ? බස්නාහිර පළාතේ පදික වෙළඳාම සඳහා තවදුරටත් අවසර නැත. ? සෙසු පළාත්වල පදික වෙළඳාම් කළ හැකියි. ? කොණ්ඩා කපන ස්ථානවලට සහ රූපලාවන්‍යාගාරවලට වරකට ඇතුල් කර ගත හැක්කේ එක් අයෙකු පමණි. ? පුත්තකාල, සිනමාශාලා සහ කෞතුකාගාර තවදුරටත් වසා තැබේ. ? අවන්හල්, කැසිනෝ, රාත්‍රි සමාජශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, ස්පාර් සහ හෝටල් විවේකාගාර ද තවදුරටත් වසා තැබෙනු ඇති. ? පබ් සහ බාර්, පෙර පරිදිම වසා තැබේ. ? සැණකෙලි සහ සංගීත සංදර්ශන සඳහා කිසිදු අවසරයක් හිමි නොවේ. ? අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන විභාග හැර වෙනත් කිසිදු විභාගයක් පැවැත්වීමට අවසර හිමි නොවේ. ? වැඩිහිටි නිවාස, ළමා නිවාස සහ බන්ධනාගාරතුළට අමුත්තන් පැමිණීම තවදුරටත් තහනම්. ? අධිකරණ විවෘත වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණි. ? ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථාන, කම්කරුවන් සඳහා ස්ථානීය නවාතැන් පහසුකම් ඇත්නම් පමණක් ක්‍රියාත්මක කළ හැකියි. ?කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන යා හැකියි.