COLOMBO (NEWS1ST) : කොරෝනා මරණ 52 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (21) තහවුරු කරනු ලැබ තිබේ.
මෙම මරණ සිදුව ඇත්තේ, ඊයේ (20) දිනයේ ය.
මිය ගිය පිරිස අතරින් ආසාදිතයින් 30 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 22 දෙදෙනා කාන්තාවන් ය.
මිය ගිය පිරිස අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු, අවුරුදු 30 - 59 අතර වයසේ පසුවන ආසාදිතයින් 10 දෙනෙකු සහ අවුරුදු 60 සහ ඊට වඩා වැඩි වයස්වල පසු වූ ආසාදිතයින් 41 දෙනෙකු ද සිටින බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
