සංගක්කාරට ICC Hall of Fame සම්මානය

කුමාර් සංගක්කාර ICC Hall of Fame සම්මානයෙන් පිදුම් ලබයි

by Staff writer 21-06-2021 | 2:38 PM

News 1st - හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ට ICC හෝල් ඔෆ් ෆේම් සම්මානය හිමි විය.

ඒ මේ දිනවල පැවැත්වෙන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගයට සමගාමීවයි. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් මහා තරගය අද සිව්වැනි දිනටත් එංගලන්තයේ සවුත්තැම්ප්ටන්හිදී පැවැත්වේ. ඊයේ දිනයේදී තරගය අතරතුර අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා වන හිස් වැසුම කුමාර් සංගක්කාර මහතාට නිල වශයෙන් ප්‍රධානය කළේ, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සුනිල් ගවස්කාර් මහතා විසිනි.