මිෂෙල් බැචලේ ලංකාව ගැන කතා කරයි

එ. ජා. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ලංකාව ගැන කතා කරයි..

by Staff writer 21-06-2021 | 9:47 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරය ආරම්භ කරමින් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය,
සැකකරුවන් දැනට පවතින නීතිවලට අනුව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, අත්තනෝමතික ලෙස වසර දෙකක් දැනට පවතින නීතිවලට අනුව රඳවා තබා ගන්න පුළුවන්. ඒ වගේම පොලිස් භාරයේදී සිදුවන මිය යෑම් පිළිබඳව මෙන්ම පොලීසිය සහ අපරාධ කල්ලි අතර සිදු වන ගැටුම්වලදී පුද්ගලයින් මියයන බව මා නිරීක්ෂණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පුළුල් කඩිනම් සහ ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතුයි. අපි ආණ්ඩුවත් සමග මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. මෙම කවුන්සිලයට ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් මස පැවැත්වෙන සැසිවාරයේදී යාවත් කාලීන කිරීමක් කරනවා.