ඉරාන පාලකයා සමූහ ඝාතකයෙකු බව ඊශ්‍රායල අගමැති කියයි

ඉරාන නව ජනපති, සමූහ ඝාතන කරන එල්ලුම්ගහක් වැනි භයානක පුද්ගලයෙකි... ඊශ්‍රායල අගමැති කියයි

by Staff writer 21-06-2021 | 1:21 PM

COLOMBO (NEWS1ST) : ඉරාන නව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, සමූහ ඝාතන සිදුකරන එල්ලුම් ගසක්  වැනි භායානක පුද්ගලයෙකු බව  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් පවසයි.

ඔහු සඳහන් කළේ, ඉරාන න්‍යෂ්ටි ගිවිසුම බලාත්මක කිරීමට පෙර ලෝක බලවතුන්ට අවදි වීමට අවස්ථාවක් හිමිව ඇති බවයි. ඔවුන්ට විනාශකාරී ආයුද තබා ගැනීමට ඉඩ නොදිය යුතු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉරාන නව පාලකයා සමූහ ඝාතකයෙකු ලෙස හඳුන්වමිනි. සිය මංගල කැබිනට් හමුවට එක්වෙමින් ඊශ්‍රායල නව අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය. එහෙත්, ඉරානය පවසන්නේ තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ දියත් කරන්නේ සාමකාමී අරමුණු වෙනුවෙන් බවයි. අගවිනිසුරු ධුරය හෙබවූ ඊබ්‍රහිම් රයිසි, පසුගිය සිකුරාදා පැවති ඉරාන ජනාධිපතිවරණයේදී 62% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කළේ ය.