අයිතිකරුවෙකු නැති බෝට්ටුවක්..

අයිතිකරුවෙකු නැති බෝට්ටුවක්..

by Staff writer 21-06-2021 | 10:16 PM

COLOMBO (News 1st) - දෙවුන්දර ධීවර වරාය සහ දික්වැල්ල නිල්වැල්ල ධීවර වරාය අතර මුහුදේ තිබී අයිතිකරුවෙකු නොමැති බෝට්ටුවක් අද සොයාගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, නිල්වැල්ල ධීවර වරායේ සිට මුහුදු සැතපුම් 20 ත් 25 අතර දුරකින් මෙය සොයා ගත් බවය. නිල්වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් බෝට්ටුව මුලින් දැක ඇති අතර අනතුරුව මිරිස්ස වෙරළාරක්ෂක නිලධාරීන් දැනුවත් කර ඇත. පසුව ඔවුන් එම බෝට්ටුව වරායට රැගෙනවිත් තිබේ. ධීවරයින් පැවසුවේ, බෝට්ටුව හමුවන අවස්ථාවේ එහි එන්ජිම නොතිබූ බවයි. මේ අතර පසුගිය 17 වැනි දා උඩප්පුව සින්නපාඩුව වෙරළ තීරයට හිමිකරුවකු නොමැති බෝට්ටු 2 ක් ගොඩගසා තිබුණි. දිගින් අඩි 30 ක් සහ පළල අඩි 4 ක් පමණ වන මෙම බෝට්ටු මෙරට භාවිත නොකරන බව ධීවරයින් පැවසීය.