තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් LOCKDOWN...

නුවරඑළියේ ප්‍රදේශ කිහිපයක් LOCKDOWN...

by Sagarika Chathumali 21-06-2021 | 8:52 AM
COLOMBO (NEWS1ST) : නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් ද අද (21) අලුයම 4.00 සිට හුදෙකලා කර තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කළුදමද, හපුගස්තලාව, වීරපුර, බෙරමන දකුණ සහ පහළ ගොරකඔය යන ග්‍රාම නිලධාරි වසම් එලෙස හුදකලා කළ බවයි.   මේ අතර  දිස්ත්‍රික්ක 12 ක ග්‍රාම නිලධාරී වසම් 24ක් ද අද (21) අලුයම 4.00 සිට හුදෙකලා කරන බව ද ඊයේ (20) පස්වරුවේ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ ය.